අද (30) පැවැත්වෙන සමගි ජන බලවේගයේ විරෝධතාවය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මාලිගාවත්ත පොලිස් වසමේ මහජනතාව අපහසුතාවට පත්වන අයුරින් සහ වාහන ගමනාගමනයට බාධා වන අයුරින් විරෝධතා පා ගමන් පැවැත්වීම තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මන්ත්‍රීContinue Reading

හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා සමගි ජනබලවේගය පක්ෂය සමග එක්ව තිබේ. අද (29) දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පැවති හමුවකදී ඔහු එම පක්ෂය සමග එක්ව ඇත. ජෙනරාල් දයා රත්නායක මහතා සමගි ජනබලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත්කිරීමට ද විපක්ෂ නායකවරයා කටයුතු කර තිබේ. ඒContinue Reading

රතු මුහුද ආශ්‍රිතව ඇතිවී තිබෙන අර්බුද තත්ත්වය හේතුවෙන් කොළඹ වරාය වෙත පැමිණෙන නෞකා සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ජනවාරි මාසය තුළ වරායට නෞකා පැමිණීම සියයට 35කින් ඉහළ ගොස් ඇති බවය. එමෙන්ම වරායේ බහාලුම් මෙහෙයුම් ද සියයට 72කින්Continue Reading

ඉදිරියේ දී වක්‍ර බදු හඳුන්වා දීමට හෝ බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවය. වක්‍ර බදු හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ නොයන බවත් භාණ්ඩවලContinue Reading

අධික වේගයකින් රිය පැදවීම හේතුවෙන් ප්‍රතික්‍රියා කළ හැකි කාලය අඩු වීම නිසා අධිවේගී මාර්ග ආශ්‍රිතව ඇති වන රිය අනතුරුවල වර්ධනක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන ඒකකයේ අනතුරු නිවාරණය හා කළමනාකරණය පිළිබඳ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රිය පැදවීමේ අනාරක්ෂිතභාවය මෙම අනතුරුවලට හේතුවනContinue Reading

කතරගම-සෙල්ලකතරගම මාර්ගයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය වැඩිදුරටත් පැවසුවේ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් පිරිසක් රෝහල්ගතකර ඇති බවය.Continue Reading

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරන්තරයෙන් හටගන්නා ගැටුම්කාරී සිදුවීම් පාලනය කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, අදාළ ගැටුම්වලට ප්‍රධානතම හේතුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද පුනරුත්ථාපන මධ්‍යස්ථන වෙත ඇතුළත්ව සිටීම බවයි. ජනවාරි මාසය තුළ අවස්ථා දෙකක දී කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් අතරContinue Reading

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා තිබෙන තහනම ඉදිරි දින කිහිපය තුළ දී ඉවත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. වත්තල දී මාධ්‍යය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.Continue Reading

හමාස් සංවිධානයට සහාය පළ කරන බව පවසමින් ගාසා තීරයට ආධාර සැපයීම නතර කිරීමට රටවල් කිහිපයක් ගෙන ඇති තීරණය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෙළා දැක තිබේ. පලස්තීන සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පෙන්වා දෙන්නේ, දැඩි කම්පනයට හේතු වූ අදාළ තීරණය පිළිබඳ යළි සලකා බලන ලෙස එම රටවලින් ඉල්ලීමක් සිදු කරන බවයි.Continue Reading

යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව බෙලිඅත්ත පොලීසියේ නිලධාරීන් සමඟ සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකදී බෙලිඅත්ත, සිටිනමලුව ප්‍රදේශයේ තෙමහල් නිවසක කුෂ් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා හරිතාගාර අනුසාරයෙන් ගංජා වගාවක් පවත්වාගෙන යන ලද විදේශීකයකු (27)අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුව ගත් පුද්ගලයා බ්‍රිතාන්‍ය ජාතිකයකු වන අතර වැඩිදුර පරීක්ෂණ බෙලිඅත්ත පොලිස් ස්ථානය විසින් සිදු කරනු ලබයිContinue Reading