පවතින අයහපත් කාලගුණයත් සමඟ නෝටන්බ්‍රිජ් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ කිරිවන්එළිය පතන ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය නායයෑමකට ලක්ව තිබෙනවා. ඒ අනුව එම මාර්ගයේ ගමන් ගත් වාහන ධාවනය කිරීමේ දී මාර්ගයේ බෑවුම් ප්‍රදේශයෙන් රථ වාහන ධාවනය නොකරන ලෙසයි පොලීසිය එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. එම මාර්ගයේ ස්ථාන කිහිපයක නායයෑමේ සහ පස්කඳුContinue Reading

දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට වාහන අතර මීටර් 50ක පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙස අධිවේගී මාර්​ග රථවාහන පොලීසිය ඉල්ලීමක් සිදුකරනවා. ආලෝක තත්ත්වය අඩුවී, අඳුරු ස්වභාවයක් පවතින හෙයින් වාහනවල ඉදිරිපස විදුලි ලාම්පු දල්වා ධාවනය කරන ලෙසත් අධිවේගී මාර්​ග රථවාහන පොලීසිය රියදුරන්ට දැනුම්දෙනවා.Continue Reading

යකඩ පොල්ලකින් පහර දුන්නේ යැයි කියන සැමියාගෙන් බේරීම සඳහා ඔහුගේ ඇස් වලට මිරිස් කුඩු  ගසාබෙල්ලට කඩුවකින් කොටා ඝාතනය කළේ යැයි කියනබිරිය  අත්අඩංගුවට ගත් බව වැල්ලව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකාරිය 36 හැවිරිදි වියේ පසුවන ඇඟලුම් කම්හල් සේවිකාවකි. මෙසේ ඝාතනය කර ඇත්තේ තල්විට බල ගහ ගම ප්‍රදේශයේ පදිංචිව සිටිපී. එස්. ප්‍රදීප්Continue Reading

හංවැල්ල සිරිනිවාස වත්ත ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි කිහිප දෙනකු ඊයේ (03) රාත්‍රි තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් නිසාවෙන් බරපතල තුවාල ලබා සාලාව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ හංවැල්ල වග සිරිනිවාස වත්ත පහල කොටස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කේ. විජේකුමාර නැමැති පුද්ගලයෙකි.Continue Reading

අලුතින් ඉදිකරන ලද නව  කැලණි පාලමේ පරික්ෂා කිරීම් වෙනුවෙන් එම පාලම ඉදිරි දිනවල අවස්ථා කිහිපයක දීම වසා දැමීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි. ඒ අනුව ඉකුත් (1) දින රාත්‍රි 9.00 වසා දැමුණු නව කැළණි පාලම හෙට (4) අලුයම 6.00 ට විවෘත වනContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බිල් ගේට්ස් මහතා අතර හමුවක් අද (03) සිදුවිය. ඩුබායි හි එක්ස්පෝ සිටි හි පැවත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 28) අතරතුරදී මෙම හමුවීම සිදුව ඇත. ගෝලීය අභියෝග සහ නිවර්තන කලාපය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි නායකත්වය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම සාකච්ඡාව සිදුකරContinue Reading

කල්මුණේ ළමා රැඳවුම් මධ්‍යස්ථානයක 17 හැවිරිදි රැඳවියෙකුගේ මරණය සම්බන්ධයෙන් එහි පාලිකාව අත්අඩංගුවට ගෙන තිබේ.Continue Reading

තලංගම කොබ්බෑකඩුව මාර්ගයේ අකුරේගොඩ හන්දියේ දී රථවාහන හසුරුවමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු ත්‍රිරෝදකට හප්පා අනතුරට ලක් කළ එහි රියදුරු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. තුවාල ලද බස්නාහිර පළාත් දකුණ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්  ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත ඇතුළත් කර ඇත. රියදුරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්Continue Reading

කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවෝ දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ . මෙයින් එක් කාන්තාවක් 31 හැවිරිදි කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි . අනෙක් තරුණිය යාපනය , වැල්වැටිතුරෙයි ප්‍රදේශයේContinue Reading

ජනප්‍රිය ගීත නිර්මාණ රැසක් සංගීතවත් කල ප්‍රවීණ සංගීතවේදී ආනන්ද ගමගේ මහතා අභවප්‍රාප්ත වී තිබෙනවා. තාර පාර දිග පාට පාට කඩ, කටු අකුලේ මල් ඇහැරේ, පහන තියා බුදු සාදුට ආදී ජනප්‍රිය ගීත රැසක්ම ඔහු අතින් සංගීතවත් වූ අතර, අඹ යහළුවෝ ඇතුළු ටෙලි නාට්‍ය රැසකටම ඔහු සංගීත අධ්‍යක්ෂණයෙන් දායකත්වය ලබාදුන්නා. ගුරුවරයෙකු, ගුරුContinue Reading