ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ අද (16) පැවති කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න සමත්වුණි. ඒ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමගිනි. ඇයට තරගය නිම කිරීමට විනාඩි 2.00.66ක කාලයක් ගතව තිබේ. එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ගයන්තිකා අබේරත්න සමත්වුණි.Continue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර තවත් සාකච්ඡාවක් එළැඹෙන සතියේ පැවැත්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් මහතා සඳහන් කළේ, ලබන අඟහරුවාදා පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි. උතුරේ ද්‍රවිඩ ජනතාවගේ ගැටලු ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතරContinue Reading

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි බස් නැවතුම්පොළක් තුළ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් අද (16) දින උදෑසන සොයාගත් බව හැටන් පොලීසිය පවසයි. බස් නැවතුම්පොළ තුළ තුවාල සහිතව පුද්ගලයෙකු බිම වැතිරි සිටින බවට එම බස් නැවතුම්පොළ වෙත පැමිණි මගියෙකු විසින් හැටන් පොලීසියට කළ දැනුම්දීමක් මත සිරුර සොයාගෙනContinue Reading

එළැඹෙන මහ කන්නයේ දී තවත් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ගොවීන්ට ලබාදීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරයි. මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කර ඇති අතර, ඒ සදහා ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාර දක්වා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා ඇත. මේ අතර, ලබන මහ කන්නයේ දීContinue Reading

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ හතක මුදලක් ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එම පොලිස් කොස්තාපල්වරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති නිලධාරීන් විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබිණි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, අගලවත්ත පොලිසියට අනුයුක්තව රාජකාරි කරන කොස්තාපල්වරයෙකු වන අතර, ඔහු ඉමදූව, බටේමුල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.Continue Reading

අද (16) පෙවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි. සපුගස්කන්ද විදුලි උපපොළෙහි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේ පැය අට හමාරක කාලයක් බියගම ජලපවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවීමට සිදුවීම හේතුවෙන්Continue Reading

මරදාන සිට දකුණු කළුතර බලා ධාවනයවූ අංක 716 මන්දගාමී දුම්රියේ ගැටී කාන්තාවක් මියගොස් තිබේ. පානදුර සහ එගොඩඋයන දුම්රිය ස්ථාන අතර දී මෙම අනතුර සිදුවී ඇත.  පානදුර දකුණු පොලීසිය පැවසුවේ මෙම කාන්තාව අපරික්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී දුම්රියේ ගැටී ඇති බවය. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 60ක් පමණ වයසැති කාන්තාවක්Continue Reading

පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ සමගි ජන බලවේගය පක්ෂයේ මුජිබර්  රහුමාන් මහතා යළි එම මන්ත්‍රී ධුරය ලබා ගැනීමේ අරමුණින් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට තීරණය කර තිබේ. විමසීමකදී ඔහු සදහන් කළේ, මැතිවරණය නොපවත්වන්නේ නම්, තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමාට යළි හිමි විය යුතු බවයි. ඒ සම්බන්ධයෙන්Continue Reading

මොණරාගල, බඩල්කුඹුර මාර්ගයේ 11 කණුව අසල ඇති තාවකාලිකව ඉදිකරන ලද පලතුරු වෙළෙඳසලක් අසලදී පොලිසිය විසින් පුද්ගල මළසිරුරක් සො‍යාගෙන තිබේ.  මියගිය පුද්ගලයාගේ ගෙලෙහි කැපුම් තුවාලද තිබී ඇති අතර, ඊයේ (14) දහවල් බඩල්කුඹුර පොලිසියට ලද තොරතුරක් මත මෙම මළසිරුර සොයාගෙන ඇත. මියගොස් ඇත්තේ, පුස්සැල්ලෑව, බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයාContinue Reading

පාතාල සාමාජිකයෙක් ලෙස සැලකෙන දුනුමාල සරත් ව වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. ගලපිටමඩ, දුනුමාලවත්ත ප්‍රදේශයේ දී එම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා විය.Continue Reading