පළාත් පාලන මැතිවරණය ප්‍රමාදයකින් තොරව නිදහස් හා සාධාරණ අන්දමින් පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව අමෙරිකානු සෙනෙට් මණ්ඩල විදේශ සබඳතා කමිටුව පවසයි. බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පළකර තිබූ වාර්තාවකට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු සෙනෙට් මණ්ඩල විදේශ සබඳතා කමිටුවේ සභාපති බොබ් මෙනෙන්ඩෙස් ට්විටර් සටහනක් තබමින් ඒ බව සඳහන් කර තිබුණි. අරමුදල් නොමැතිවීම හේතුවෙන්Continue Reading

භූමිතෙල් මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50කින් අඩුකර තිබේ. එහි ලීටරයක නව මිල රුපියල් 305කි. එසේම ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 464 සිට රුපියල් 330 දක්වා රුපියල් 134කින් අඩුකර තිබේ. මෙම මිල සංශෝධනය අද (01) මධ්‍යමContinue Reading

ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන අවස්ථා පුළුල් කිරීම සදහා නියෝජිතයින් පත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ එක්සත් රාජධානියේ නියෝජිතයා ලෙස කන්නයියා ගජන් මහතා පත්කෙරිණි.   ආයෝජන ප්‍රවර්ධන ඇමති දිලුම් අමුණුගම විසින් ඒ මහතාට පත්වීම් ලිපිය ප්‍රදානය කරන ලදී. එම පත්වීම අද (1) සිට ක්‍රියාත්මක වන අතර එක්සත් රාජධානියේ සිට බලශක්ති, කෘෂිකාර්මික, නගර සංවර්ධන, ඛණිජContinue Reading

උතුරු ග්‍රීසියේ සිදුවූ දුම්රිය අනතුරකින් 32 දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. එහිදී තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. විදෙස් වාර්තා පැවසුවේ මගීන් 350ක් පමණ ගමන් කරමින් සිටි දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බවය. එම අනතුරෙන් අනතුරුව එක් දුම්රියක් ගිනිගෙන තිබූ බවද වාර්තා විය.Continue Reading

ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද (01) දිනයේ දී විරෝධතා සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වෙයි. ඔවුන් පවසන්නේ අසාධාරණ බදු අයකිරීම් ඇතුළු රජයේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව එම ක්‍රියාමාර්ග ගන්නා බවය. වෘත්තීය සමිති 40ක පමණ නියෝජිතයින් මෙම ක්‍රියාමාර්ග සඳහා එක්වී සිටින බව වෘත්තීය සමිති නායකයින් පවසයි. වරාය, තෙල්, විදුලි, ජල, බැංකු, දුම්රිය,Continue Reading

සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සිදුවෙන අත්තනෝමතික ක්‍රියා නිසා සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයම  සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව අද (28) දින රජයේ වෛද්‍ය නිලධාරී සංගම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ජාතික සමඟි සෞඛ්‍ය සේවක සංගමයේ සභාපති නන්දන පුෂ්පකුමාර මහතා පැවසීය. එදා ආසියාවේ හොඳම සෞඛ්‍ය සේවය බවට පත්ව තිබූ මෙරට සෞඛ්‍ය සේවය අද වන විට පහතටමContinue Reading

හෙරොයින් මත්ද්‍රව්‍ය  මිලිග්‍රෑම් 405 ක් සමඟ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය පොලිස් කණ්ඩායමක් විසින් අනුරාධපුර නගරයේ පිහිටිපෞද්ගලික බැංකුවක් අසලදී ඊයේ 28 වෙනිදා  දහවල් කාලයේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථානයකට අනුයුක්තව විනිසුරුවරයෙකුගේ නිවසේ ආරක්ෂාවට යොදවා සිටි අයෙක් බව ප්‍රදේශයේ උසස් පොලිස්Continue Reading

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩු විභාගයක් මාර්තු මස 31 දක්වා කල්තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (28) නියම කර තිබුණි. ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ ගොනුකර තිබෙන නඩුවේ 17 වන විත්තිකරු වශයෙන් නම්කර සිටින යාසීර් බාබා අබ්දුල් රවුෆ් නමැති විත්තිකරු මියගොස්Continue Reading

කඩවත පැවැති සංගීත ප්‍රසංගයක ආරක්ෂාවට යොදවා සිටී ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතින් පයින් පහර දී තුවාල සිදු කර ඇගේ ජංගම දුරකථනය සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහබාගේ පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් සැකකාර පොලිස් කොස්තාපල්වරයා වැඩතහනමකට ලක්කරන බව ද පොලිසිය කියයිContinue Reading

ශ්‍රී ලංකාවේ උද්ධමනය තවත් පහළ ගොස් ඇති බව නවතම දත්ත අනුව පෙනීයයි. ඒ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙබරවාරි මාසයේදී 50.6%ක් දක්වා අඩුවී තිබේ. පසුගිය මාසයේදී එම අගය සඳහන් වූයේ 54.2%ක් ලෙසය. මේ අතර ආහාර උද්ධමනය 54.4% දක්වා අඩුවී තිබේ. 2023 ජනවාරි මාසයේදී එය සටහන් වූ යේ 60%ක් ලෙසය.Continue Reading