ලෝක කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩයෙන් ඉන්දීය කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය ලකුණු 71කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව, පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 186ක්Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. කාන්තාවක් සිදු කළ පැමිණිල්ලක් මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය. 20/20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඔස්ට්‍රේලියාව ට ගිය ගුණතිලක එහිදී තුවාල ලැබීය. නමුත් ඔහුව එහි තබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණයContinue Reading

සුපිරි සිව්දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී අවසන් වුවද, 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වී තිබේ. 2024 පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී සහ අමෙරිකාවේදී පැවැත්වීමට නියමිතය.Continue Reading

එංගලන්ත කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට එක් වන්නේ ද යන්න තීරණය වන තීරණාත්මක තරගය අද ශ්‍රී ලංකාව සමඟින් මෙරට වේලාවෙන් පස්වරු 1.30ට සිඩ්නිහිදී පැවැත්වේ. මේ තරගයේ ප්‍රතිඵලය කුමක් වුවද ඊයේ වන විටත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට එක් වීමේ අවස්ථාව අහිමිව තිබූ අතර, මේ තරගයෙන්Continue Reading

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායක මොහොමඩ් නබී නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලෝක කුසලානයට කණ්ඩායමේ තිබූ සූදානම සම්බන්ධයෙන් ඇතිවූ කළකිරීම මත ඔහු මෙලෙස නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බවය. එසේම කණ්ඩායම් කළමණාකාරීත්වය සමඟ ඇතිවූ එකඟතාවයකින් තොරවූ කරුණු කිහිපයක් ද ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුවී ඇති බවද එම වාර්තා වැඩිදුරටත්Continue Reading

ලෝක මට්ටම සමඟ සන්සන්දනය කරද්දී තමන්ගේ වටිනාකම ඇමරිකානු ඩොලර් ලක්ෂයට වඩා විශාල එකක් බව කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් කියයි. ඩොලර් ලක්ෂයක් රුපියල් වලින් විශාල මුදලක් වුවද ඉතාලියේදී එය ඔහුගේ වසර දෙකහමාරක පමණ පුහුණුවීම් සඳහා යන වියදමක් බව යුපුන් අබේකෝන් සඳහන් කළේය. මෙසේ තමන්ට මුදල් තෑගි පිරිනැමීමට ඉදිරිපත් වූ ශ්‍රීContinue Reading

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 4ක තියුණු ජයක් ලබාගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුව ගිලිහී ගියේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිකරණයක නියැලුණු RashidContinue Reading

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග දෙකක් අද (04) පැවැත්වෙයි. නවසීලන්තය සහ අයර්ලන්තය අතර තරගයත්, ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගයත් ඇඩිලේඩ් හිදී පැවැත්වීමට නියමිතය. එම කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණේ පසුවන නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අද තරග ජයගත හොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු 7 බැගින් හිමිවන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පුර්වContinue Reading

ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලෝක කායවර්ධන ශූරතාවලියට සහභාගීවීමට සුදුසුකම් ලැබු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඊට සහභාගීවීමට අවශ්‍ය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවීම ප්‍රමාදවීම නිසා ඒ අවස්ථාව අහිමිවී ගිය පුවතක් අද දෙරණට වාර්තා විය.‍ ලෝක කායවර්ධන ශූරතාවලිය නොවැම්බර් 02 වනදා සිට 07 වනදා දක්වා ස්පාඤ්ඤයේදී පැවැත්වෙයි. මෙම තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් තිදෙනෙක් සුුදුසුකම් ලබාගෙනContinue Reading

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගය ලකුණු 33කින් ජයගැනීමට පාකිස්තානය සමත්විය. තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් දකුණු අප්‍රිකාවට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව හිමිවූ ඉලක්කය පන්දුවාර 16කදී ලකුණු 142කි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 14ක් අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කරගතContinue Reading