2023 වර්ෂයේ පවත්වන ලද 2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විහාගයේ ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www .doenets .lk වෙතින් විභාග අංකය ඇතුළත් කර ප්‍රතිපල ලබා ගත හැකිබව විභාග දෙපාර්තමේන්තුව පවසයි.Continue Reading

අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පැවති විරෝධතාවයක් හේතුවෙන් ගාලුපාරේ රථවාහන ධාවනයට බාධා එල්ලවී ඇත. අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ ගුරු විදුහල්පති සංගම් 9 ක් මෙලෙස නගර මධ්‍යයේ විරෝධතාවයේ නිරතව ඇත. අප වාර්තාකරු සඳහන් කළේ මේ හේතුවෙන් ගාලුපාරේ රථවාහන ධාවනයට පැය 2ක පමණ කාලයක් බාධා එල්ලවූ බවය. වැටුප් විෂමතාවය, පාසල් නඩත්තු කිරිමේ බර දෙමව්පියන්ගෙන් ඉවත්කිරීම,Continue Reading

බස් රථයක් අද (30) උදෑසන අනතුරට ලක්වීමෙන්  පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙය පෞද්ගලික සහල් මෝලක සේවකයන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් වන අතර, වේගය පාලනය කරගත නොහැකිව වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන බෑවුමකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ. තුවාල ලැබූ පිරිසෙන් කිහිපදෙනෙකු වැඩිදුර ප්‍රතිකාරContinue Reading

කොළඹ වික්ටෝරියා පාලම මතින් ගමන් කරමින් සිටි පොලිස් සැරයන්වරයකු පාලමෙන් කැළණි ගඟට ඇදවැටී අතුරුදන්ව ඇතැයි ග්‍රෑන්පාස් පොලිසිය පවසයි. මෙසේ අතුරුදන්ව ඇත්තේ  බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය ට අනුයුක්තව රාජකාරි කරනපොලිස් සැරයන්  එච් . ජයලත්( 5016)මහතාය. වික්ටෝරියා පාලම මත තිබී සැරයන්වරයා ට අයත්ජංගම දුරකථනයක්  නාරහෙන්පිට පොලිස් රෝහලෙන් ප්‍රතිකාර ගන්නා කාඩ් පතක්Continue Reading

වැට් බද්ද ඉහළ දැමීම හරහා රජය ලබන වසරේ එක් අයෙකුගෙන් රුපියල් 30,000 ක මුදලක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. වැට් බද්ද ඉහළ දමන බවට මේ වන විට රජය ප්‍රකාශ කර ඇති බවත්, මෙතෙක් වැට් බදු අය නොකළ පෙට්‍රල්, ඩීසල්, පොහොර, කිරි, ‌වෛද්‍ය උපකරණ, කෘෂිContinue Reading

ස්වයංක්‍රීය ගිනිඅවියකින් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට තැත් කළ පුද්ගලයකු බොරලැස්ගමුව බෝධිරාජපුර ප්‍රදේශයේ දී ජීව උණ්ඩ තුනක් ද සමගින් ඊයේ (29) රාත්‍රි අත් අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි. බොරලස්ගමුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දල්පදාතු ඇතුළු කණ්ඩායමක් අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටියදී පොලිසිය දැක පලා යාමට තැත් කළ පුද්ගලයෙකුContinue Reading

නීතිවිරෝධී දුම්වැටි 600 ක තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් දිවුලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවුලපිටිය, බලගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම සැකකරු පොලිසියට පවසා ඇත්තේ මෙම නීතිවිරෝධී දුම්වැටි අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි බවයි. සැකකරු සහ නීති විරෝධී දුම්වැටි 600 ක ‍තොගය මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දිවුලපිටියContinue Reading

ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින්, මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දනයට ඉදිරියේදී සැලසුම් ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. තමා ළඟට සේවයට ලබා ගැනීමට පැමිණි කිසිවෙකුගේ පක්ෂයක්, පාටක්, කුලයක්, ජාතියක් හෝ ආගමක් බලා තමන් ක්‍රියාකර නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ. ඒ අනුව ඉදිරියේදී එය සෑමContinue Reading

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ප්‍රතිඵල ලේඛනවලට සමාන ලෙස ව්‍යාජ ප්‍රතිඵල ලේඛන නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු කෑගල්ලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ වැටලීමේදී ව්‍යාජ ප්‍රතිඵල ලේඛන නිර්මාණය කළ පුද්ගලයෙකු සහ ඔහුට සහය වූ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් අවුරුදු 21 –Continue Reading