මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ අද (11) අලුයම 1.30ට පමණ භූකම්පනයක් හටගෙන තිබේ. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ, රික්ටර් මාපකයේ ඒකක 4.65ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවය.Continue Reading

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාළිකාව සිය වාර්තා වැඩසටහන මඟින් එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ඒ සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. එමෙන්ම එම ප්‍රහාරයContinue Reading

තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකුට තුවාල සිදු කිරීමේ සිද්ධියකට අවශ්‍ය ව සිටි සැකකරුවකු ග්‍රෑන්ඩ්පාස් ස්ටේස්පුර ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්‍ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති බවයි. සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලContinue Reading

කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන හදාරමින් සිටි සිසුවෙකු මියගොස් තිබේ. විශ්වවිද්‍යාලය තුළ රැඳී සිටියදී එම සිසුවාට හදෘයාබාධයක් වැළදී ඇති බව පවසමින් ඊයේ (07) රාත්‍රියේ රෝහල්ගත කර තිබුණි. කිරිබත්ගොඩ පොලීසිය සඳහන් කළේ අදාළ සිසුවා රෝහල්ගත කරන අවස්ථාවේදීත් මියගොස් සිටි බව අනාවරණය වූ බවය. මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි කැලණිය සරසවියේ තෙවන වසරේ විද්‍යා පීඨයේContinue Reading

කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගය, මැල්සිරිපුර ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවරහිර වී තිබේ. ඒ කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඕමාරගොල්ල පාසල ඉදිරිපිට මාර්ගය අයිනේ තිබූ විශාල කුඹුක් ගසක් කඩා වැටීම හේතුවෙනි. මාර්ගයට වැටුණු ගස ඉවත්කරන තුරු විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය රියදුරන්ගෙන් සහ පැදිකරුවන්ගෙන් ඉල්ලා සිටී.Continue Reading

‍මේ සතිය තුළ ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද වරාය අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත බවය. හෙට (06) මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. මේ අතර හෙට රජයේ ගිණුම් පිළිබඳ කාරකContinue Reading

මා නිවාසවල දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පැවති ක්‍රීඩා උත්සවයකට සහභාගි වීම සඳහා ගොස් සිටි වයස අවුරුදු 16ක දැරියක් අතුරුදන් වී ඇති බව කටුපොත – එරෝමා ළමා නිවාසයේ පාලිකාව විසින් කුලියාපිටිය පොලීසියට පැමිණිලි කර තිබේ. අතුරුදන් වී ඇත්තේ, හලාවත – කටුපොත එරෝමා ළමා නිවාසයේ රඳවා සිටි දැරියකි. ඇය මහව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගContinue Reading

බම්බලපිටිය මුහුදු මාවතේ වෙඩිතැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ මුහුදු මාවතේ පිහිටි ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවය. එහිදී වෑන් රථයක සිටි නාඳුනන පිරිසක් විසින් මෝටර් රථයක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය සිදුකර තිබේ. වෙඩි තැබීමෙන් මෝටර් රථයට උණ්ඩ කිහිපයක් වැදී ඇති බවContinue Reading

වාරික ගෙවීම් ප්‍රමාද වූ විට ලීසිං සමාගම් විසින් මෙහෙයවන පිරිස් විසින් බලහත්කාරයෙන් වාහන පැහැරගෙන ගිය විට කොල්ලකෑම නමැති චෝදනාව යටතේ විමර්ශන සිදුකළ හැකි බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ වාරික නොගෙවූ රථවාහන ඇත්නම් ලිසිං සමාගම්Continue Reading

ප්‍රදේශ දෙකක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, රක්වාන සහ කළවංචිකුඩි යන ප්‍රදේශවල එම අනතුරු සිදුව ඇති බවයි. රක්වාන ඕබඩකන්ද ප්‍රදේශයේ දී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් සිදුවූ අනතුරකින් පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. මියගොස් ඇත්තේ, 44 හැවිරිදි රාජාංගනයContinue Reading