හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ධීවර යාත්‍රා දෙකක් මෙරට දකුණු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ. රාජ්‍ය බුද්ධි සේවාව මඟින් ලද බුද්ධි තොරතුරකට අනුව, නාවික හමුදා බුද්ධි අංශය විසින් සිදු කළ මෙහෙයුමක දී බහුදින ධීවර යාත්‍රාවක් සහ එක් දින ධීවර යාත්‍රාවක් මෙලෙස සිය භාරයට ගත් බව නාවිකContinue Reading

අභිරහස් ලෙස මියගොස් ඇති අයෙකුගේ මළ සිරුරක් අතහැර දමා තිබූ කොහු මෝලක් ආසන්නයේ තිබී හමු ව ඇති බව මාදම්පේ පොලීසිය පවසයි. අද (19) පෙරවරුවේ පොලීසියට ලද තොරතුරක් මත සිරුර සොයා ගෙන ඇත. මිය ගොස් සිටින පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, දින දෙකකට පමණ පෙර මෙම පුද්ගලයා මියගොස් ඇති බවContinue Reading

ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොං මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. මෙම හමුවට පාර්ලිමේන්තු වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා ද එක් ව සිටියේය. මෙහි දී චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ෂාඕ ලෙජි (Zhao Leji) මහතාගේ නව වසරේ සුබ පැතුම් පණිවිඩයContinue Reading

දුම්රිය පීලී පැනීමක් හේතුවෙන් කොළඹ – පුත්තලම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. කොළඹ සිට සීදුව බලා  ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක එන්ජිමක් රාගම සහ ජාඇල දුම්රිය ස්ථාන අතර දී පීලී පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ හේතුවෙන් කොළඹ – පුත්තලම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලContinue Reading

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් දා තීන්දුවක් ලබා දෙනු ලැබිණි. කෙසේ වෙතත් එම තීන්දුවට එරෙහි ව ගොනු කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) අවසර ලබා දී තිබේ. අභියාචනාධිකරණ තීන්දුවටContinue Reading

කැලණි ගඟේ තොටුපොළක දියනෑමට ගොස් කිඹුලෙකු ඩැහැගෙනයාමෙන් අතුරුදන් වූ 9 හැවිරිදි දරුවාගේ දේහය ඥාතීන්ගේ සෝ සුසුම් මැද නිවසට රැගෙන ආවේය. ඒ අනුව පුංචි දිස්නගේ දේහය ඊයේ (18) රාත්‍රියේ ඔහුගේ නිවසට රැගෙනවිත් තිබුණි. කඩුවෙල වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ කැළණි ගං තොටුපොලේදී පුංචි දිස්න මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවී තිබුණි. මිත්තණිය රෙදි සෝදමින්Continue Reading

අද (19) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2න් පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති වෙයි. බස්නාහිර, සබරගමුව සහContinue Reading

උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනිඅවියක් ක්‍රියාත්මකවීමෙන් රියදුරෙකුට වෙඩිවැදී ඔහු මියගොස් තිබේ. අද (18) පස්වරුවේ මෙම සිද්ධිය ඇතිවී තිබුණේ දම්පැලැස්ස ප්‍රදේශයේදීය. නාරම්මල ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනයවූ කුඩා ලොරි රථයක් හඹාගොස් නවතා ගැනීමට නාරම්මල පොලීසියේ නිලධාරීන් කටයුතු කර තිබුණි. පසුව අදාළ රියදුරාව පරීක්ෂා කිරීමේදී උප පොලිස් පරීක්ෂකවරයාගේ ගිනිඅවිය ක්‍රියාත්මකවීමෙන් අදාළ රියදුරාට වෙඩිවැදීContinue Reading

නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට අදාළව පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ලබාගැනීම එළඹෙන ජුනි මාසය තුළ සිදුකිරීමට නියමිතය. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඒ බව පවසයි. අද (18) පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක්දී ඔහු මේ බව අනාවරණය කළේය. “නව විද්‍යුත් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීමට අදාළව මූලික කටයුතුContinue Reading

කරාපිටිය ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩල සේවිකාවකට පහරදුන් බවට චෝදනා එල්ලවූ විශේෂඥ වෛද්‍යවරයෙක් මෙම මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල මහෙස්ත්‍රාත්වරයා අද (18) නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ රෝහලේ පිළිකා අංශ ප්‍රධානී ලෙස කටයුතු කළ 61 හැවිරිදි විශේෂඥ වෛද්‍යවරයෙකි.Continue Reading